(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ක්‍රියාත්මක වෙයි.
ඒ , මියගිය රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ගෙවන වැටුප් කප්පාදු කර ඇති බව පවසමින්.
මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් පිරිසක් විසින් එය සංවිධාන කරන අතර, ඔවුන් ඊට පෙර එම ස්ථානයේ විරෝධතාවක ද නිරත විය.
ලබාදෙන වැටුපෙන් 25 % ක් එම රණවිරුවන්ගේ දෙමාපියන් වෙත යොමු කිරීම සඳහා පසුගිය මාසයේ සිට කපා හැරුණු බවත් , පසුගිය ආණ්ඩු සමයේ එළඹි තීරණයකට අනුව එම තීරණය ගත් බවද රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩගේ උපදෙස් මත එය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට කටයුතු කළ බවයි රණවිරු සේවා අධිකාරියේ උප සභාපති නීතීඥ රංජිත් මීගස්වත්ත වැඩිදුරටත් සඳහන් කළේ.








