(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන සත්විරු අභිමන් 2019 රණවිරු සුභසාධන ප්රතිලාභ ප්‍රධානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු 04.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් හා රණවිරු දරුවන් 1504 දෙනෙකු වෙනුවෙන් මෙම ප්රතිලාභ පිරිනැමේ.
ඒ අනුව සම්පූර්ණ නිවාස 25 ක් , අඩක් නිමවු නිවාස සම්පූර්ණ කර දීමේ ප්රතිලාභ 925 ක් විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308 ක් සහ බිම් කොටස් 246 ක හිමිකම් පත් මෙහිදී ප්රදානය කිරීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුඵ පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වීමට නියමිතය.








