FAST NEWS

24×7 Around the Globe

හේමසිරි සහ පූජිත්ගේ නඩුව ඔක්තෝම්බරයට කල් යයි (update)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝම්බර් 03 වනදා දක්වා කල් තැබීමට අද නියෝග ලැබුණි.ඒ , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති  නඩුවට පෙනී සිටීම සඳහායි.