(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වයේ අඩුවීමක් අනිද්දා (24) සිට අපේක්ෂා කළ හැකි බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බේරුවල, කොළඹ සහ මීගමුව ආශ්‍රීත මුහුදු ප්‍රදේශවල තවදුරටත් තද සුළං තත්ත්වයක් පවතින බැවින් ධීවර කටයුතුවල යෙදීමෙන් වැලකී සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ද ඇතිවිය හැක.








