(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකාවක, ගීත රචිකාවියක මෙන්ම ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත විය.
මියයනවිට 71 වන වියේ පසුවූ ඇය මාස 06 ක කාලයක සිට හෘදරෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳ තිබූ ඇය ඊයේ (21) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.
ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, හිත මිතුරු සුළඟ, අසුරු සැනින් එක මොහොතකදී , දිගු නෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී ආදී ගීත රැසක් රචනා කළාය.
1972 වසරේ සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳුණු කුසුම් පීරිස් ඒ ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස 1986 වසරේ ගුවන් විදුලියේ ස්ථිර සේවයට එක්විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කඩවත – ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.








