FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය පළමුවරට යුද අභ්‍යාසයක නිරත වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බවත් , බ්‍රිතාන්‍යය සමඟ පළමු වරට සිදුකෙරෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ත්‍රිවිධ හමුදා  භට පිරිස් එක්වනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

එසේම ලබන සැප්තැම්බර් මාසයේ යුද හමුදාව පාකිස්තානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේය.