FAST NEWS

24×7 Around the Globe

කුවේටයේදී හිරිහැරවලට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් 30ක් යළි දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේටයේදී විවිධ තාඩන පීඩනවලට ලක්ව එරට පොලිස් රැඳවුම්භාරයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

මේ අයගෙන් වැඩි පිරිසක් කුවේට්හි නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වන අතර , ඔවුන් එහිදී විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති බවත් සදහන්.

එරට සංවිධානාත්මක පිරිසක් පැමිණ ඔවුන්ගේ මිල මුදල් සහ භාණ්ඩත් රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම පිරිස ශ්‍රී ලංකාවට එවා ඇත්තේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන්.