FAST NEWS

24×7 Around the Globe

තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තම ඉල්ලීම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියි.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කිරීමත් සමග තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් වර්ජනයකට නොයන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කළද , මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටි ක්‍රියාත්මක කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්මත නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.