FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

විශේෂයෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඊයේ (19) පස්වරුවේ සිට නායයෑමේ අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කර තිබුණි.

ඒ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

මේ වන විට පැවති අපදා තත්වය හේතුවෙන් පුද්ගල මරණ 8ක් වාර්තා වී තිබේ. අතුරුදන් වූ ගණන 4කි.

මීට අමතරව පවුල් 1 ලක්‍ෂ 63 දහස් 735කට අයත් පුද්ගලයෝ 5 ලක්‍ෂ 82දහස් 254ක් පීඩාවට පත්ව සිටිති.