FAST NEWS

24×7 Around the Globe

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක ගැටේ

(ෆාස්ට්නිව්ස්| කොළඹ) –  ලොරි රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රියදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ 05ක සහ වෑන් රථ 2ක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඒ කොළඹ ගෑස්පහ, මධ්‍යම පාර ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.

මෙහිදී පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.