(ෆාස්ට්නිව්ස් |කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සුදානම්වේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඔහු අනිවාර්යයෙන්ම එජාප දේශපාලන නියෝජිතයෙකු වන බවයි.
මෙම සන්ධානයක් ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර ගෙන බවද අමාත්‍යවරයා සඳහන්දා කළේය.
නව සංධානයට අදාලව අගෝස්තු මස 5 වනදා කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා පැවසීය.








