(ෆාස්ට්නිව්ස් |කොළඹ) – නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදි කර්මාන්තකරුවන් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අනිවාර්යයෙන් ලබා ගත යුතු බව රජය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ පරිසර දුෂණය වැළැක්වීම හා පාලනය කිරීම, පරිසරයට මුදා හරිනු ලබන ද්‍රව්‍ය මඟින් පරිසර දුෂණ පාලනය අවම කිරීම සහ පරිසර දුෂණය අවම කිරීමේ තාක්ෂණික ක්රමෝපායන් හඳුන්වාදීම මෙහි අරමුණු වන බවයි.
මෙම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව කිසිඳු අයෙකුට කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නීති විරෝධී වන අතර ඊට ඕනෑම අවස්ථාවක නීතිමය පියවර අගත හැකි බව මධ්‍යම පරිසර අධිකාරීය සඳහන් කරයි.
ඒ අනුව ඕනෑම කර්මාන්තශාලා හිමිකරුවෙකුට පරිසර ආරක්ෂණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත හැක.








