FAST NEWS

24×7 Around the Globe

කේරල ගංජා තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(ෆාස්ට්නිව්ස් |වව්නියාව) – කේරල ගංජා කිලෝ ග්‍රෑම් 203ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන බෙදාහැරීම වෙනුවෙන් ප්‍රවාහනය කළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.