(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මෙරටට සංචාරකයින්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ මේ වසරේ ගතවූ මාස 06ක කාලය තුළය.
එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 13.4ක අඩුවීමකි.
2018 වසරේ පළමු මාස 06 තුළ 11,64,647ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
මේ වසරේ එම කාලය තුල පැමිණ ඇත්තේ දස ලක්‍ෂ අටදහස් හාරසිය හතලිස් නවයක පිරිසකි.
පසුගියදා සිදුවූ ප්‍රහාරයත් සමඟ මෙයද හොඳ තත්ත්වයක් බවත් ශ්‍රීලංකා සංචාරක අධිකාරිය පෙන්වා දෙයි.
අප්‍රේල් මාසයේදී පැමිණි එක් ලක්ෂ 66,975 ක පිරිස මැයි මාසය වන විට 37,802ක් දක්වා පහත බැස තිබේ.







