(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ දිය ඇලි ගණනාවක් ජල මට්ටම වැඩි වී තිබේ.
පසුගිය කාලයේ මධ්‍යම කදුකරයේ පැවති වියළි කාලගුණය හේතුවෙන් එම දිය ඇලි වල ජලමට්ටම අධික ලෙස පහල බැස තිබේ.
පවතින දැඩි වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතින බව වාර්තා වෙයි.








