FAST NEWS

24×7 Around the Globe

කලගෙඩිහේන පහරදීමේ සිද්ධියේ විමර්ශන සී.සී.ඩී යට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අදාළ නියෝගය ලබා දුන් බවද හෙතෙම කීය.

මෙම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද (19) පොලිස්පතිවරයාට ලිපියක්ද යොමු කළේය.