FAST NEWS

24×7 Around the Globe

ධීවර යාත්‍රා තිහකට දිවයිනට ළඟා වීමට නොහැකි වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයින් 200 ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) පෙරවරුව වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව එම ඒකකය කියයි.

මෙම යාත්‍රා දික්ඕවිට සහ මීගමුව ධීවර වරායන්ගෙන් ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරීමට ගොස් ආපසු දිවයින කරා යාත්‍රා කරමින් සිටියදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ප්‍රචණ්ඩ මුහුදෙහි අතරමංව ඇත.

මෙම යාත්‍රාවන්ගෙන් බහුතරය හලාවත ධීවර කලාපයේ ඒවා වන අතර මීගමුව හා දික්ඕවිට ප්‍රදේශවල යාත්‍රා ද වෙයි.

එම සමිතියේ ඉල්ලීම අනුව මෙම සම්බන්ධයෙන් වහාම මැදිහත්ව රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා යැවු බවත් පුත්තලම ඒකකය සදහන් කරයි.