FAST NEWS

24×7 Around the Globe

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙනත් ස්ථානයකට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ)  – කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වනවිට අබලන් තත්වයට පත්වීමට විසඳුම් වශයෙන් අධිකරණ පියසට නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අක්කර 06 ක ඉඩමක් මේ වනවිට වෙන් කර ඇති බවත්, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ නිවේදනය කර සිටියි.

ඒ අනුව පවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක්, හා නව නීති මධ්‍යස්ථානයක් සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතයි.

රුපියල් ඩොලර් මිලියන 94.55 ක මුදලක් අධිකරණ පියස ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමට වෙන් කර තිබේ.