FAST NEWS

24×7 Around the Globe

පුජිත්ගෙන් සී.අයි.ඩී ය ප්‍රකාශ ගනියි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ප්‍රහාරයට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

අධිකරණ නියෝගයට අනුව පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සඳහා මෙලෙස එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්පතිවරයා පෙරේදා (17) පස්වරුවේ ප්‍රතිකාර ලබා ඉන් පිටත්ව ගොස් ඇති බවද කියැවේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මීන්පෙර නියෝග කර තිබුණේ පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන ඇප නියමවූ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙසටය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්ද එම දෙපාර්තුමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබේ.