FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාවත් සමග කළු ගඟ පිටාර ගලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළේ මේ වනවිට රත්නපුර, මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවා ඇති බවයි.

මේ වනවිට රත්නපුර, ඇලපාත සහ පැල්ලමඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගඟ දෙපස පිහිටි පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර ගඟ දෙපස සිටින අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන්නැයි ජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග කැලණිගගේ ජල මට්ටම ද ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවය.