(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මීට අදාළ නඩුව අද (18) කැදවූ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.
එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
2012 වසරේ නොවැම්බර් මස 09 වනදා බන්ධනාගාරය තුළදී රැදවියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවන අතර , එහිදී ඇතිවූ කලහකාරි සිද්ධිය අතරතුර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය රැදවියන් සංඛ්‍යාව 27 ක්.








