(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වයස අවුරුදු 25 ක් වයසැති මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (18) මරණ දඩුවම නියම කළේය.
හොරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 28ක ප්‍රමාණයක් සමඟ මෙම සැකකරුව කොළඹ උතුර දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2016 වසරේ ජුනි මස 06 වනදායි.








