FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදනවල මිළ ඉහල දමන වෙළදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  තිරිඟු පිටි කිලෝ ග‍්‍රැමයක මිළ රුපියල් අටකින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් එම සමාගම් වලට අවසර ලබාදී නොමැති බවත් එහෙයින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහල දමන වෙළදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධිකාරිය පවසයි.

එබැවින් බේකරි නිෂ්පාදනවල මිළ ඉහල දැමිමට කිසිදු හැකියාවක් නොමැති බව එම අධිකාරීය කියයි.

එසේම මෙම ගැටලුව සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය සහ බේකරි හිමියන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (18) දිනයේදි පැවැත්විමට නියමීත බව එම අධිකාරිය කියයි.