(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන ජුලි 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.
දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.








