(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව , මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට හමන පැය පැයට කිලෝමීටර් පනහත් හැටත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත් , ඉදිරි දින කිහිපය තුල මධ්‍යම , සබරගමුව පළාත්වලත් කලුතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයිනේ අහස වලාකුලින් බරව පවතින අතර ජූලි මස 20 වන දා දක්වා නිරිත දිග කොටසේ සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.








