FAST NEWS

24×7 Around the Globe

අද (18) සහ හෙට (19) ගුරුවරු ලෙඩ නිවාඩු

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) සහ හෙට (19) විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව විසින් අසණීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් හතරක් මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට තමන් සම්බන්ධ නොවන බව ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුලු තවත් ගුරු සංගම් 26 ක් නිවේදනය කළේය.