(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නිළ සංචාරයක් සදහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයෙකු වන ක්ලෙමෙන්ට් නයෙලට් සෝසි වුල් මහතා අද(18) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.
දින 09 ක කාලයක් ඔහු මෙරට රැදි සිටිනු ඇතැයි ද පැවසේ.
මෙරට තුල සාමය හා සංහිදියාව ශක්තිමත් කිරිමට රජය ගෙන ඇති පියවර හා ලංකාවේ වර්තමාන තත්වය පිළිබද ක්ලෙමෙන්ට් නයෙලට් සෝසි වුල් මහතාගේ අවධානය යොමු වනු ඇත.
මෙම සංචාරය තුලදි ඔහු මෙරට සිවිල් සමාජ නියෝජිතයින් හා මානව හිමිකම් කොමිසමේ නියොජිතයන් කිහිප දෙනෙකුද හමුවිමට නියමිත බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩි දුරටත් පවසයි.








