FAST NEWS

24×7 Around the Globe

රොයිස් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු යළි ජූලි 31 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ , ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින්.

මාර්තු මස 22 වනදා චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී පැහැර ගැනීමට ලක් කිරීම සහ දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වනදායි.