FAST NEWS

24×7 Around the Globe

පුත්තලම – අරුවක්කාලු අංගනයට කසළ ගෙනයෑම ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම – අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල කසළ රඳවනය වෙත කසළ ගෙනයාමේ කටයුතු ඊයේ (16) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ආරම්භක අදියර ලෙස කොළඹ මහනගර සභාවේ කසල එම රඳවනය වෙත රැගෙන යාම ඊයෙන් ආරම්භ කෙරූ අතර , එහි කසල ප‍්‍රවාහන රථ 10 ක කසල එහි තැන්පත් කෙරුණු බව බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පැවසීය.

දැනට එම කසල රඳවනයෙහි දිනකට කසල ටොන් 600 ක් තැන්පත් කළ හැකි අතර ලබන වසරේ මාර්තු වන විට එය දිනකට කසල ටොන් 1200 ක් තැන්පත් කළ හැකි අයුරින් පුළුල් කරන බව ද ඔහු සදහන් කළේය.