(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිරිගු පිටි මිල වැඩි වීමත් සමග බේකරි නිශ්පාදන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.
තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 08 කින් ඉහල දැමීමට තිරිගු පිටි සමාගම් ඊයේ (16) තීරණය කරනු ලැබීය.
බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ තම නිලධාරි මණ්ඩලය රැස් වී මිල සංශෝ්ධනය පිළිබද සාකච්ඡා කරන බවයි.








