(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) පස්වරු 4.00 සිට දෙදිනක වැඩ වර්ජනයක නිරත වීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර තිබේ.
බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කිරීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්රියාත්මක කරන බව තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේය.








