(ෆාස්ට් නිව්ස් -කොළඹ) = මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම දින කීපයකින් කල්යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.
බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වැරදිකාරයෙකු වී නොමැති බැවින් ඔවුන්ට ඇමති ධුර භාර ගැනීමේදී ගැටලුවක් ඇති නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඇමති ධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.








