FAST NEWS

24×7 Around the Globe

මුහුදේ ගිලෙමින් සිටි 06 ක් නාවික හමුදාව බේරාගනියි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කඵතර කැලිඩෝ වෙරල තීරයේදී දිය නෑම සදහා මුහුදට ගිය 06 දෙනෙකු මුහුදේ ගිලෙමින් සිටියදී බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

ඔවුන් දියේ ගිලෙන බව දුටු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් වෙරල තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරත නාවික හමුදා සාමාජිකයන් පිරිසකට මෙම දැනුම්දීම සිදුකර ඇති අතර , ඉන්පසුව අදාළ පිරිස බේරාගෙන තිබේ.

දිවයින වටා ඇති වෙරල තීරවලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා නාවික හමුදාව දවසේ පැය 24 පුරා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා තිබේ.