(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (15) ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නයිවල, වේයන්ගොඩ, ලිපිනයේ පදිංචිව සිටි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිටි එන්. ජී. තිලංක නැමැති (32) හැවිරිදි අයෙකි.
මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මෙම පුද්ගලයා පොළොන්නරුව වැලිකන්දේ පිහිටි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කඳවුර වෙත එවන ලද පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මෙම කඳවුර තුළ සිටින සියලුම රැඳවුම්කරුවන් අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් සිටින පුනරුත්ථාපන කඳවුරකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.








