(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප්රකාශය ඔක්තෝබර් 08 වැනිදා කොළඹදී එළිදක්වන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (15) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය වන ප‍්‍රවීණයන්ගෙන් සමන්විත කමිටු 29 ක් විසින් තම පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කරමින් සිටින බවත් මේ මස අවසන් වනවිට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස්කර අවසන් කරන බවද ඔහු පැවසීය.
පසුව ලබන මස මුල් සති දෙක තුළ මහජන සංවාදය සදහා එය ඉදිරිපත් කරන බවද ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.








