FAST NEWS

24×7 Around the Globe

වැල්ලම්පිටිය තඹ කම්හලේ කරුපයියා රාජේන්ද්‍රන් යළි රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව  වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ලබන 29 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (15) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.