(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොල තුළ මේ වනවිට දුම්වැටි හිඟයක් මතුව ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා කියා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශය විසින් මිලිමීටර් 67 ට වැඩි 72 ට නොවැඩි දුම්වැටි වර්ග සඳහා පනවා තිබූ බදු ඉහළ දැමූ අතර, දුම්කොළ සමාගම මෙම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් මිල වැඩි නොකිරීම ඊට හේතුව බවයි.
ඒ අනුව අදාළ කාණ්ඩයේ දුම්වැටි දහසක් සඳහා අය කළ රුපියල් 20,500 ක් වන සුරාබදු රුපියල් 37,000 දක්වා ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන් බදු ප්‍රතිශතයට අනුව සකස් කළ මිල දුම්කොළ සමාගම ඉදිරිපත් නොකිරීම මගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා තවදුරටත් කියා සිටියේය.








