FAST NEWS

24×7 Around the Globe

ස්වීඩනයේ ගුවන් අනතුරකින් 09 ක් මීය යයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් නව දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බව පැවසේ.

ගුවන් යානයේ ගමන් කළ සියලු දෙනාම මියගොස් ඇති අතර අනතුරට හේතුව අනාවරණය වී නොමැති බව කියැවේ.