(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (15) දිනයේ සිට ආරම්භ වන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අගොස්තු මස 05 වැනිදා සිට මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වෙන විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත් විමට නියමීතය.
මෙවර විභාගය සදහා පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337,704කි.
පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවත් නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් සංඛ්‍යාව 198,229 ක් වන බව එම දෙපාර්තුමේන්තුව පවසයි.








