FAST NEWS

24×7 Around the Globe

2020 පසු පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2020 වසරෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ වනවිට ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බවත් ඒ පිළිබඳව ඉකුත් සිකුරාදා (12) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායකයින් දැනුම්වත් කිරීමක් සිදුකළ බවද ඔහු කීය.

ඒ අනුව ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පක්ෂ නායකයින් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි බවද ළඟ එන පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව ඊළඟ මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ක්‍රමය හඳුන්වා දිය යුතු බව එකඟතාවයකින් ප්‍රකාශ කළ බවද හෙතෙම පැවසීය.