(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිගම මුහුදු තීරයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පැවැත්වීමට සූදානම්වූ කණ්ඩායමක 12 දෙනෙකු පොලිසිය විසින් ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇති අතර වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන මෙම පිරිස අතර තරුණියන් 3 දෙනෙකුද වනවා.
මාතර කොට්ඨාශය භාර උසස් පොලිස් නිළධාරියෙකු පැවසුවේ මෙම සැකකරුවන් බෝට්ටුවකින් ගොස් මුහුද මධ්‍යයේ සාදය පැවැත්වීමට සූදානම් කර තිබූ බවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය ඇතුලු විෂ මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් මොවුන් සතුව තිබී සොයාගත් බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








