FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක්

(ෆාස්ට් – කොළඹ)  – කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් පාර අතර හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (13) රාත‍්‍රි 8 සිට හෙට (14) උදෑසන පහ දක්වා එම මාර්ගය තාවකාලිකව වසා තබන බව පොලීසිය ප‍්‍රකාශ කළේය.

හෙට (14) උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් වේ ඇවිනිව් හරස් පාර තාවකාලිකව වසා තබන බව පොලීසිය කියයි.

ඒ එම මාර්ගය ආශ‍්‍රිත නඩත්තු කටයුතු හේතුවෙන් වන අතර ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.