FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කරගැනීම කෙරෙහි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ අවධානය යොමු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස ජාතික පොලිස් කොමිසමේ වත්මන් ලේකම් සමන් දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමට අනුව ඔහු තවදුරටත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස සේවයේ නිරතව සිටීම සදාචාර නොවන බව මීට හේතුව වී ඇති බවත් කියැවේ.