FAST NEWS

24×7 Around the Globe

අද (13) දිනයෙත් දිවයින පුරා වැසි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (13) පෙරවරු නිකුත් කළ නිවේදන‍යෙහි සඳහන් වෙයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න්පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව,ඌව සහ නැගෙනහිරපළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක් පමණ තරමක තද වර්ෂාපතනයන්ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.