FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 08 ක වියළි කාළගුණයෙන් හය ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක 08 කට බලපා ඇති වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පන් ලක්ෂ 50,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින්නේ උතුර, නැගෙනහිර පළාත් සහ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ජනතාවයි.

එම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇති පානීය ජල ගැටළුවට විසදුම් ලබාදීම සඳහා රුපියල් මිලියන 50 කට අධික මුදලක් ආපදා කලමනාකරණ අමාත්‍යාංශය විසින් වෙන්කර ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මීට අමතරව අදාළ ප්‍රදේශවල ජල බවුසර් සහ ජල ටැංකි 20,000 කට ආසන්න ප්‍රමාණයක් ස්ථානගත කර තිබේ.

වියළි කාලගුණයෙන් සහ අනෙකුත් ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව 117 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.