FAST NEWS

24×7 Around the Globe

අද (12) පෙරවරු 06 වන විට බීමත් රියැදුරන් 2280 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ මෙම විශේෂ මෙහෙයුම පසුගිය 05 වැනිදා සිට ආරම්භ විය.

එසේම මෙම මෙහෙයුම යට‍තේ ඊයේ (11) උදෑසන 06 සිට අද (12) උදෑසන 06 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 243ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2280ක් බව පොලීසිය අනාවරණය කරයි.