FAST NEWS

24×7 Around the Globe

සංචාරකයන් වැඩියෙන් ගැවසෙන මුහුදු තීරවලට STF ආරක්ෂාව

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන මුහුදු තීරයන් වලට විශේෂ පුහුණුවක් ලත් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් යොදවා ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ආරුගම්බේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදුකරන මෙම කණ්ඩායම ඊයේ පොතුවිල් පොලිස් වසමේ මැම්බෝ හෝටලට ඉදිරිපිට මුහුදේ දිය නෑමට ගොස් අනතුරට පත් පුද්ගලයකුගේ ජීවිතය ද බේරාගෙන ඇත.

මේ ආකාරයෙන් ආරුගම්බේ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන්ට මේ සම්බන්ධයෙන් පුහුණුව ලබාදී සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන මෙම මුහුදු තීර ඔස්සේ දවසේ පැය 24 පුරා රාජකාරී කටයුතුවල යොදා තිබේ.

මෙම කණ්ඩායම් මෙහෙයවන්නේ විශේෂ කාර්ය බළකායේ ආරුගම්බේ කඳවුරේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.එල්. ප්‍රනාන්දු මහතා වන අතර , ඒ මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකා කණ්ඩායම් නිරතුරුවම මෙරටට පැමිණ මුහුදු තීරවලට යන එන සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී සිටියි.