FAST NEWS

24×7 Around the Globe

ගාලු වරායට ආසන්න මුහුදේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් නාවික හමුදා භාරයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සැක කටයුතු ලෙස ගාලු වරායට ආසන්න මුහුදේ තිබූ විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂාවට ලක් කෙරුණු මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බවත් , එහිදී එම යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන එමින් තිබෙන බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.