(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා මඩකලපුව – සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි 22 හැවිරිදි තරුණියක් අද ( 11) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
පිපිරීමෙන් තුවාල ලැබූ ඇය ප්රථමයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබුණි.
මඩකලපුව ප්රදේශයේම පදිංචි උමා සංකරී නැමැති මෙම තරුණිය ප්රහාරයට පසු දින 80 ක් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිට ඇත.








