(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් ලීටරයක මිල තවත් රුපියල් තුනකින් අඩු වුවහොත් ත්‍රීරෝද රථයක කිලෝමීටරයට අයකරන ගාස්තුව ද රුපියල් 10 කින් පහළ දැමීමට පියවර ගන්නා බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය පවසයි.
පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පමණක් අඩුකිරීම ගාස්තු සහනයක් දීමට ප්‍රමාණවත් නැතැයි එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේය.
ඉන්ධන මිළ සුත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 02 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05 කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 05 කින්ද ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට මිළ අඩු කෙරුණා.








